කෝටි 900 ක් වටිනා සිගරැට් කෝටි 2 ක් රේගු අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
30

කෝටි 900 ක් වටිනා සිගරැට් කෝටි 2 ක් රේගු අත්අඩංගුවට

කෝටි 900 ක් වටිනා සිගරැට් කෝටි 2 ක් රේගු අත්අඩංගුවට

මෙරට රේගු ඉතිහාසයේ ශ්‍රී ලංකා රේගුව විසින් වටලන ලද විශාලතම දුම්වැටි තොගය පසුගිය 13 වනදා අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත්වී තිබෙනවා.

 

ශ්‍රී ලංකා රේගුවේ අනුගත වීමේ සහ පහසුකම් සැලසීමේ අංශයේ නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂා කිරීමකදී මෙම දුම්වැටි තොගය සොයා ගැනීමට සමත් වී තිබුණා. බහාලූම් 21ක් තුල අසුරා තිබූ දුම්වැටි වල සම්පූර්ණ වටිනාකම රුපියල් බිලියන නවයක් ලෙසයි ගණන් බලා තිබුණේ.

 

විදේශීය නිෂ්පාදනය කරන ලද දුම්වැටි මිලියන 20ක් මෙසේ අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබුණා.

 

අඩි 40 ක දිගකින් යුත් බහාලුම් 20ක් සහ අඩි 20ක පමණ දිගින් යුත් එක් බහාලුමක් තුළ සූක්ෂම අයුරින් මෙම දුම්වැටි තොගය අසුරා තිබුණා. කෙසේ නමුත් මෙම දුම්වැටි තොගය මෙරටට ගෙන්වා ඉන් අනතුරුව තවත් රටවල් කිහිපයක් වෙත ප්‍රති අපනයනය කිරීමට සැලසුම් කර තිබියදීයි මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ.

 

මෙම දුම්වැටි තොගය අන්තරාල වෙළදාම යටතේ ceylon black tea යනුවෙන් සඳහන් කොට ජර්මනිය, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය යන රටවලට නැවත ප්‍රතිඅපනය කිරීම පිණිස වූ ව්‍යාජ නැව්භාර පත්‍රයක් ද සකස් කර මෙයට සම්බන්ධ පිරිස මෙම ජාවාරම ජයටම කරගෙන ගොස් තිබුණා.

 

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට ගෙන්වන ලද මෙම දුම්වැටි තොගය සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකා රේගුව විසින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කොට තිබෙන බවයි වාර්තා වන්නේ.

 

මෙසේ ප්‍රති අපනයනය කිරීමට සැලසුම් කර තිබූ දුම්වැටි තොගය යුරෝපානු රටවල් විසින් තහනම් කර ඇති දුම්වැටි තොගයක් බවත් යම් හෙයකින් මෙම දුම්වැටි තොගය එම රටවල් වෙත නැවත ප්‍රතිඅපනය කළේ නම් එමගින් මේ රටට විශාල අපකීර්තියක් සිදුවන බවත් රේගු අධ්‍යක්ෂක ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් ජී. වී. රවිප්‍රිය මහතා ප්‍රකාශ කළා.

views

1083 Views

Comments

arrow-up