කොළඹ භීතියෙන් ඇලලූ 'කෙසෙල්වත්තේ දිනුක' කොරෝනා වැළැදී ඩූබාහීදී මිය ගිය හැටි (PHOTOS)

තවත් මෙරට පාතාල හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුවෙකු විදෙස් රටකදී හදිසියේ මිය යාමේ පුවතක් වාර්තා වේ
ඒ කුප්‍රකට පාතාල නායකයෙකු වූ දිනුක මදුෂාන් හෙවත් "කෙසෙල්වත්තේ දිනුක"ය.
ඔහු ඩුබායිහිදී හදිසියේ මිය ගොස් ඇතැයි තහවුරුව තිබෙනවා
ජාත්‍යන්තර රතු නිවේදන පවා නිකුත්ව සිටි ඔහු මෙරටට හෙරොයින් අයිස් මත්ද්‍රව්‍ය තොග පිටින් එවපු එයෙකු සැලද ප්‍රසිද්ධිය.
දින කිහිපයක සිට අසනීපව සිටි දිනුකට කොරෝනා වෛරසය ආසාදිත වී ඇතැයිද මරණයෙන් පසු කළ පීසීආර් පරීක්ෂාවෙන් තහවුරු වුණා.
මීට වසර කිහිපයකට ඉහතදී ඔහු මුහුදු මාර්ග ඔස්සේ මෙටටින් පලා ගොස් ඩුබාහි වසං වී සිය.මත්ද්‍රව්‍ය ජාලය ක්‍රියාත්මක කරමින් සිටියා.
කොළඹ කේන්ද්‍ර කරගනිමින් සිදු වූ පාතාල ක්‍රියාකාරකම් රැසකටද ඔහු සම්බන්ධය.ඒ අතර මිනී මැරුම්ද වේ.
ඩුබායි රාජය යනු මෙරට පාතාල නායකයි සැගවී සිටීම සදහා තෝරා ගන්නා තිත්පොළකි.මාකදුරේ මධුෂ්ද හසු වූයේ ඩූබායි රාජ්‍යයේදීය.දිනුක හා මධූෂ් ද මිතුරන් වේ.එසේම ඔවුන්ගේ කල්ලියේ තවත් සඟයෙකු වූ අංගොඩ ලොක්කා ඉකුත් වසරේදී ඉන්දියාවේදී අභිරහස් ලෙස ඝාතනය විය.
පාතාල කෙරුමන් මෙලෙස මිය යද්දී ඒ පාතාල කිරුළ දිනා ගැනීම සදහා තවත් පාතාල පොඩ්ඩන් පෙළට සිටින බවද අප තේරුම් ගත යුතුය
1224 Views
Comments