ඊයේ ආසාදිතයන් 2212 යි, මරණ 21 යි - ගතවූ පැය 24 නිරෝධායන නීති කැඩූ 262 යි

ඊයේ (16) දිනයේ දී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2212 දෙනෙකු හමු වී තිබුණා.
සමඟම මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 136 463 දක්වා ඉහළ ගියා.
එමෙන්ම ඊයේ දිනයේදී තවත් කොරෝනා මරණ 21 ක් මෙරටින් වාර්තා වුණා.
ඒ සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 962 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතුරින් 63 දෙනකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් බව වාර්තා වනවා.
මේ අතර ගතවූ පැය 24 ක කාල සීමාවක් තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 262 දෙනෙකු සහ වාහන 15 ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.
1436 Views
Comments