"කොළඹ මහනුවර වායු දූෂණය WHO මට්ටමත් ඉක්මවා ගිහින්, කොරෝනා අවසන් වූ පසුත් නුවර කොළඹ ජනතාව මුව ආවරණ පැළඳිය යුතුයි " - පරිසර ඇමති
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
24

"කොළඹ මහනුවර වායු දූෂණය WHO මට්ටමත් ඉක්මවා ගිහින්, කොරෝනා අවසන් වූ පසුත් නුවර කොළඹ ජනතාව මුව ආවරණ පැළඳිය යුතුයි " - පරිසර ඇමති

"කොළඹ මහනුවර වායු දූෂණය WHO මට්ටමත් ඉක්මවා ගිහින්, කොරෝනා අවසන් වූ පසුත් නුවර කොළඹ ජනතාව මුව ආවරණ පැළඳිය යුතුයි " - පරිසර ඇමති

මහ­නු­වර නගරයේ සහ කොළඹ නගරයේ වායු දූෂ­ණය, ලෝක සෞඛ්‍ය සංවි­ධා­නය (WHO) මඟින් නිර්දේ­ශ කර ඇති මට්ටම පසු කර ගොස් ඇති බව පරි­සර අමාත්‍ය මහින්ද අම­ර­වීර මහතා පැවසුවා.

 

වායු දූෂ­ණ­යෙන් 65% කටම වග­කිව යුත්තේ වාහ­න­ ව­ලින් නිකුත් කරන දුම් බවත් , කොළඹ නග­රයේ හා මහ­නු­වර දිස්ත්‍රි­ක්ක යේ මෙන්ම සෙසු ප්‍රධාන නගර වන කුරු­ණෑ­ගල සහ ගාල්ල නගර සීමා­වල ද මේ තත්ත්වය ක්‍රම­යෙන් නුසුදුසු අතට හැරෙ­මින් පව­තින බව ද ඇමැ­ති­ව­රයා පැවසුවා.

 

ඊයේ (23) ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සංවි­ධාන කළ මාධ්‍ය සම්ම­න්ත්‍ර­ණ­ය­කට සහ­භාගි වෙමිනුයි ඇමතිවරයා මේ බව පැවසුවේ. කොළඹ සහ මහ­නු­වර නගර හැරුණු විට ශ්‍රී ලංකාවේ සෙසු ප්‍රදේශ සිය­ල්ලම වායු දූෂ­ණ­යෙන් තව­මත් අවම මට්ට­මක පව­තින බව පැවැසූ ඇමැ­ති­ මහින්ද අමරවීර මහතා කොරෝනා වසං­ග­තය මෙර­ටින් ඉවත් වූ වද කොළඹ සහ මහ­නු­වර වැනි ප්‍රදේ­ශ­වල දරු­වන් හා වැඩි­හි­ටි­යන්ට මුව ආව­රණ පැළඳ සිටිය යුතු තත්ත්ව­යක් පැන නැගී ඇති බව වැඩි දුරටත් සඳහන් කළා.

 

එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අමැති මහන්ද අමරවීර මහතා,

 

" වායු ගෝලයේ ක්ෂුද්‍ර අංශු වර්ග මීට­ර­ය­ක ට මයික්‍රෝ ග්‍රෑම් 50 කට අඩු මට්ට­මක පැවැ­තිය යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ නිර්දේ­ශ­යයි. ඒත් ඇතැම් අව­ස්ථා­වල දී මෙම තත්ත්වය කොළඹ හා මහ­නු­වර දිස්ත්‍රි­ක්ක­වල 150-165 දක්වා ඉහළ යන අවස්ථා පව­ති­නවා.

 

විශේ­ෂ­යෙන්ම මහ­නු­වර නග­රය කඳු­යා­ය­කට මැදිව පව­තින නග­ර­යක් බැවින් එහි වායු­ගෝ­ලයේ පව­තින ක්ෂුද්‍ර අංශ ඉව­තට ඇදී යාමක් සිදු වන්නේ නැහැ. එමෙන්ම කොළඹ නග­රය ආස­න්න­යෙන්ම මුහුද තිබෙන නිසාත් හමා එන සුළං නිසා ක්ෂුද්‍ර අංශු වායු ගෝලයේ රඳා පැවැ­තී­මක් ද සිදු වන්නේ නැහැ. නමුත් ඇතැම් අව­ස්ථා­වල දී ඉන්දි­යාවේ සිට හමා එන සුළං දහ­රා­වන් සමඟ එහි වායු ගෝලයේ ක්ෂුද්‍ර අංශු කොළඹ නග­ර­යට බල­පෑ­මක් එල්ල කර තිබෙ­නවා.

 

වායු දූෂ­ණ­යෙන් 65%කටම වග­කිව යුත්තේ වාහ­න­ව­ලින් නිකුත් කරන දුම්. මේ නිසා කොළඹ නග­රයේ හා මහ­නු­වර දිස්ත්‍රි­ක්කය මෙන්ම කුරු­ණෑ­ගල හා ගාල්ල නගර සීමා­වල ද තත්ත්වය ක්‍රම­යෙන් නරක අතට හැරෙ­මින් පව­ති­නවා. එම­නිසා කොවිඩ් 19 අව­සන් වුවත්, මහ­නු­වර නග­රයේ දරු­වන් හා වැඩි­හි­ටි­යන්ට මුව ආව­රණ පැළඳ සිටිය යුතු තත්ත්ව­යක් පැන නැඟලා.

 

එම නිසා ඉදිරි අය - වැයෙන් මෙර­ටට වාහන ආන­ය­නය කිරී­මට අව­සර දෙන්නේ නම් විදුලි බල­යෙන් හා සුර්ය බල­යෙන් ක්‍රියා­ත්මක වන වාහන ආන­ය­නය සඳහා ප්‍රමු­ඛ­ත්වය ලබා දීමට රජයේ අව­ධා­නය යොමු කරන්නත්, වායු තත්ත්ව­යන් මනින ස්ථාන දැනට පව­තින්නේ ස්ථාන දෙකක පම­ණක් නිසා එම ස්ථාන සංඛ්‍යාව 10 දක්වා වැඩි කිරී­ම­ටත් පිය­වර ගන්නවා." යැයි පැවසුවා.

views

1117 Views

Comments

arrow-up