ඉන්දීය ධීවරයන්ට ශ්‍රී ලංකා මුහුදේ මසුන් ඇල්ලීමට බලපත්‍රයක්

මේ වන විට නීති විරෝධීව ශ්‍රී ලංකා මුහුදේ මසුන් මැරීමේ නිරත වන දකුණු ඉන්දීය ධීවරයන්ට ඒ සඳහා නීත්‍යානුකූල බලපත්‍රයක් ලබා දීම පිළිබඳව ධීවර අමාත්‍යංශය මේ වන විට ඉන්දීය රජය සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවක් වාර්තා වේ.
වැඩි දුරටත් මේ පිළිබඳව වාර්තා කල 'ද මෝර්නිං' පුවත්පතට අනුව ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු සීමාව අනවසරයෙන් ආක්‍රමණය කිරීම හා නීති විරෝධී ක්‍රම මගින් මසුන් මැරීම යන ගැටළු මගහරවා ගැනීමට මෙලෙස සතියකට සීමිත ඉන්දීය ධීවරයන් පිරිසකට මෙරටට මුහුදු සීමාවේ මසුන් මැරීමට අවසර දිය යුතු බවට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා විසින් ප්‍රකාශ කර ඇත.
තවද ඉදිරි මාස කිහිපය ඇතුලත මෙය ක්‍රියාත්මක වීමට ඉඩ ඇති බව ධීවර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
1328 Views
Comments