පාර්ලිමේන්තු මන්ත්‍රීගේ නාම පුවරු ගැටලුවට චීන තානාපති කාර්යාලය පිළිතුරු දෙයි

ශ්‍රී ලංකාවේ ත්‍රෛ භාෂා නීතියට අනුකූලව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය මෙරට ක්‍රියාත්මක වන සියලු චීන සමාගම් වලින් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.
මෙරට නාම පුවරු පිහිටුවීමේදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා නීතිය නොසලකා හරින චීන සමාගම් පිළිබඳව මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසාමනිකම් මහතා සිය කනස්සල්ල පළකර තිබෙනවා.
දෙමළ භාෂාව ඉවත්කළ ඒ වෙනුවට චීන භාෂාව යෙදූ නාම පුවරු ඡායාරූපයක් සටහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාසාමනිකම් මහතා පවසා තිබෙන්නේ,
"දෙමළ භාෂාව අස්ථානගත වී ඇත. ලඟදීම සිංහල භාෂාව ද අස්ථානගත වනු ඇත. ලංකාව අවදි වේ යැයි බලාපොරොත්තු වෙමි" යනුවෙනි.
කෙසේ නමුත් කොළඹ වරාය නගරයේ ආරංචි මාර්ග වලට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රාසාමනිකම් මහතා විසින් සිය ට්විටර් පණිවිඩයට යොමුකළ ඇති ඡායාරූපයේ සඳහන් පුවරුව පසුගිය වසරේ දී ඉවත් කර තිබෙනවා.
එමෙන්ම එම පුවරුව ඉදිකර ඇත්තේ පොදු ස්ථානයක නොවන බවත් එය ඉදිකර ඇත්තේ ඉදිකිරීම් භූමියක පමණක් බවත් අදාල චීන සමාගම ප්‍රකාශ කර තිබෙනවා.
1482 Views
Comments