ජනතාව තලා පෙලා නීතිය රැකලා වැඩක් නෑනෙ - ජනපති
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
23

ජනතාව තලා පෙලා නීතිය රැකලා වැඩක් නෑනෙ - ජනපති

ජනතාව තලා පෙලා නීතිය රැකලා වැඩක් නෑනෙ - ජනපති

රාජ්‍ය සේවකයින් වැඩකරන්නේ ජනතාවට හෙයින් ජනතාව තළා පෙළා දමා නීතිය රැකීමෙන් ඵලක් නොමැති බවත් නීතිය ක්‍රියාත්මක කිරීමේදී හැමවිටම ප්‍රායෝගික වියයුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

 

"ගොවි ජනතාව, ගම්වල ජනතාව කවදාවත් කැලෑ විනාශ කරන්නෙ නෑ. ඔවුන් පරිසරය ආරක්ෂා කරනවා. ඒ ජනතාව ජීවත් කරවන්නට නම් යම්කිසි සංවර්ධන කටයුතු කරන්නට අවශ්‍යයි. ඒවා තිරසාර සංවර්ධනයක් වෙන්නට ඕනෑ. අපෙ නිලධාරීන් මතක තියාගන්න ඕනෙ, අපි මේ නීති ගෙනල්ලා තියෙන්නෙ ඔවුන්ට මාර්ගෝපදේශයක් හැටියට. ඒවා ක්‍රියාත්මක කිරීමේදී අපි හැමතිස්සෙම බලන්න ඕනෙ අපි කාටද වැඩකරන්නෙ කියන එක. අපි වැඩ කරන්නෙ ජනතාවට. ඉතිං ජනතාව තළලා පෙළලා නීතිය රැකලා වැඩක් නෑනෙ. ඒ නීති ක්‍රියාත්මක කිරීමේදී ප්‍රායෝගික වෙන්නට ඕනෙ. ප්‍රායෝගික නැත්නම් වැඩක් නෑ. වැඩ නොකර ඉන්න ලේසියි. වැඩ කරන්න අමාරුයි, ඒකට කැපවීමක් ඕනෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

 

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (22) පැවති "සුරකිමු ගංගා" වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමිනි

views

859 Views

Comments

arrow-up