ශ්‍රී ලංකා ධජය සහිත පාපිසි දැන්වීම amazon වෙබ් අඩවියෙන් ඉවත් කෙරේ

ශ්‍රී ලංකා ජාතික ධජය සහිත පාපිසි දැන්වීම amazon වෙබ් අඩවිය ඉවත් කර තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍යංශය විසින් amazon වෙබ් අඩවියට කළ නියෝගයකට අනුවයි එය ඉවත් කර තිබෙන්නේ.
බීජිං හි පිහිටා තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ශ්‍රී ලංකා ධජය අනවශ්‍ය ලෙස භාවිතා කරමින් පාපිස්ස සහ පාවහන් ආදී නිෂ්පාදන කිරීම වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙස චීන රජය විසින් අදාළ වෙබ් අඩවි වෙත දැනුම් දී ඇති බවයි.
ශ්‍රී ලංකා රාජිත සහිතව භාණ්ඩ නිෂ්පාදනය අත්හිටූවීම සඳහා චීන බලධාරීන් සමීපව අධීක්ෂණය කරමින් ඒ පිළිබඳව ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.
848 Views
Comments