ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව අප්‍රේල් 19 වන දා සිට

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින් සඳහා ලබන අප්‍රේල් මස 19 වන දා සිට එහි දෙවන මාත්‍රාව ලබාදෙන බව සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.
ඒ අනුව ජනවාරි 29 වනදා සිට අස්ට්‍රාසෙනෙකා එන්නත ලබා ගත් පුද්ගලයින් සඳහා මෙලෙස දෙවන මාත්‍රාව ලැබෙනු ඇත. ඒ සඳහා අදාළ එන්නත් ඔබ මේ වන විටත් වෙන්කර තිබෙන බව අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළා.
"ජනවාරි 29 ලැබුණ අයට අප්‍රේල් 19 ඉදලා දෙවැනි මාත්‍රාව දෙන්න අපි වැක්සින් තියාගෙන ඉන්නවා. ගැටලුවක් නෑ. ඉන්දියාවෙන් තවත් ස්ටොක් එකක් ලැබීමට නියමිතයි. මාර්තු 31 චීනයෙන් ලැබෙන එන්නත් ප්‍රමාණය ලැබෙනවා. රුසියානු ස්පුට්නික් එන්නතත් අපි ඇනවුම් කරලා තියෙනවා. ඒවා ලැබෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තාවකින් කියලා තියෙනවා වැඩිදෙනෙකුට පළමු වාර්තාව දෙන එක වඩා හොඳයි ටික දෙනෙකුට දෙකම දෙනවට වඩා කියලා. මොකද වැක්සින් හිඟ නිසා. ලොකු අභියෝගයක් තියෙනවා වැක්සින් ලබාගන්න. ලංකාවේ ලොකු ජනගහනයක් නැති නිසා කරගන්න පුළුවන්."
573 Views
Comments