රුහුණේ සහ සබරගමුවේ සිසුන්ට කොරෝනා විභාග වලට ආ සිසුන් 1500 ක් නිවෙස් වෙත යවයි

රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් 23 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙන බව තහවුරු කරගෙන තිබෙනවා.
මීට අමතරව සබරගමුව විශ්ව විද්‍යාලයේ එක් සිසුවකුට ද කොරෝනා ආසාදිත වීම හේතුවෙන් ඔහුගේ ආශ්‍රිත සිසුන් 85 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා යොමුකළ බව සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උදය රත්නායක මහතා පවසා සිටියා.
සබරගමුව විශ්ව විද්‍යාලයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වීමත් සමගම විශ්ව විද්‍යාලයේ විභාග කටයුතු සඳහා පැමිණ සිටි සිසුන් 1500 කට අධික පිරිසක් අද (03)සවස් වරුවේ පිටත්කර යවා ඇති බවට තොරතුරු වාර්තා වනවා.
කෙසේ නමුත් සිසුන් චෝදනා කරන්නේ කිසිදු ආරක්ෂිත උපක්‍රමයක් භාවිතා නොකර මෙලෙස සිසුන් පිටත් කර යැවීම මගින් විශ්වවිද්‍යාලය තුල කොවිඩ් පොකුරක් නිර්මාණය වීමේ අවස්ථාව පවතින බවයි.
මීට අමතරව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බලංගොඩ ඩිපෝවේ සේවකයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
එම හේතුවෙන් ඔහුගේ පළමු පෙළ ආශ්‍රිත 22 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පැවසුවේ.
1119 Views
Comments