කොරෝනා වෛරසයේ දකුණු අප්‍රිකානු ප්‍රභේදයත් මෙරටින් සොයා ගැනේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
12

කොරෝනා වෛරසයේ දකුණු අප්‍රිකානු ප්‍රභේදයත් මෙරටින් සොයා ගැනේ

කොරෝනා වෛරසයේ දකුණු අප්‍රිකානු ප්‍රභේදයත් මෙරටින් සොයා ගැනේ

දකුණු අප්‍රිකාවේ ව්‍යාප්ත වෙමින් පවතින B.1.351 කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වූ රෝගියෙකු පළමු වරට මෙරටින් වාර්තා වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

 

මෙම වෛරසය ආසාදනය වූ රෝගියා මෙරට නිරෝධායන මධ්‍යස්ථානයකින් වාර්තාවී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. එමෙන්ම E484K යනුවෙන් හඳුන්වන විකෘති ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයෙකු මහියංගණය ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවයි ඔහු සඳහන් කලේ.

 

එමෙන්ම බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වන B.1.1.7 නම් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් සිව්දෙනෙකු ද නිරෝධායන මධ්‍යස්ථාන තුලින් හමුවූ බවයි ආචාර්ය චන්දිම ජිවන්දර වැඩිදුරටත් සඳහන් කළේ.

 

මිට අමතර යුරෝපයේ ව්‍යාප්ත වන B.1 වෛරස ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් 05 දෙනෙකු සහ බංග්ලාදේශය සහ යුරෝපයේ ව්‍යාප්ත වන B.1.1.103 වෛරස ප්‍රභේදය ආසාදනය වූ එක් රෝගියෙකු ද විදේශයන්හි සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන තුල සිටි ආසාදිතයින් ගෙන් හමුවී ඇත. පසුගිය මාසයේදී මහියංගණය, අවිස්සාවේල්ල, කුරුවිට, බියගම, මාතලේ, රත්තොට, කළුතර සහ කොළඹ නගර සභා සීමාවන් හි පුද්ගලයින් 93 දෙනෙකුගේ වෛරස සාම්පල් ජානමය විශ්ලේෂණයකට ලක් කළ බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කලේ.

 

එම සාම්පල් වලින් 81ක් දෙනෙකු මෙරටින් හමුවූ B.1.411 කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් බවට හඳුනා ගෙන ඇත. කෙසේ වුවත් එම වෛරස ආසාදිතයින් අතරින් මහියංගණය ප්‍රදේශයෙන් හමුවූ එක් ආසාදිතයෙකුට E484K යනුවෙන් හඳුන්වන විකෘතියට ලක්වූ කොවිඩ් ප්‍රභේදය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමට හැකිවූ බවයි ආචාර්ය චන්දිම ජීවන්දර පැවසුවේ.

 

මෙ විකෘති කොවිඩ් ප්‍රභේදය දකුණු අප්‍රිකාවේ සහ බ්‍රසීලියානු ප්‍රභේදවල දක්නට ලැබෙන අතර කොවිඩ් මර්ධන එන්නත සඳහා මෙම විකෘති ප්‍රභේදය ගැටළුවක් වන බවයි ආචාර්ය චන්දිම ජිවන්දර සඳහන් කලේ. මිට අමතරව වාද්දුව ප්‍රදේශයෙන් ලද සාම්පලයකින් යුරෝපයේ ව්‍යාප්ත වන B.1.428 යනුවෙන් හඳුන්වන ලබන වෛරස ප්‍රභේදය ආසාදනය වූ අයෙකු ද සිටින බවයි ආචාර්ය චන්දිම ජිවන්දර සඳහන් කළේ.

views

726 Views

Comments

arrow-up