ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ජපානයේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රැකියා

පිළිගත් කුසලතා සහිත ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ලෝකයේ දියුණු රටවල රැකියාව දොරටු විවර කිරීමේ වැඩසටහන යටතේ ජපානයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්තා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව ලබාදෙයි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ආශිර්වාදයෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මැතිතුමන්ගේ මග පෙන්වීමෙන් කම්කරු හා විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මැතිතුමාගේ සහයෝගයෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශ ලේකම් ආර් පී ඒ විමලවීර මහතා සහ ජපානයේ එහිමි ප්‍රාන්තය වෙනුවෙන් එහි ආණ්ඩුකාර තොකිහිරෝ නකමුරා මහතා මෙම ගිවිසුම සඳහා අත්සන් තබන ලදී.
345 Views
Comments