ජපානයේ නව මුදල් නෝට්ටු 3ක් මුද්‍රණය කෙරේ

2024 අප්‍රේල් සහ සැප්තැම්බර් අතර කාලයේදී ජපානය නව මුදල් නෝට්ටු කිහිපයක් හඳුන්වා දීමට නියමිතයි.
ඒ අනුව මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ නව ¥10,000, ¥5,000 සහ ¥1,000 නෝට්ටු මුද්‍රණය කරන බවයි.
ජපාන බැංකුව අවසන් වරට මුදල් නෝට්ටු ප්‍රතිසංස්කරණය කරන ලද්දේ 2004 දී ය.
නව ¥10,000 නෝට්ටුවේ “ජපන් ධනවාදයේ පියා” ලෙස හැඳින්වෙන පුරෝගාමී කර්මාන්තකරුවෙකු වන Eiichi Shibusawa ඇතුළත් වන අතර නව ¥5,000 නෝට්ටුවේ Tsuda විශ්ව විද්‍යාලයේ නිර්මාතෘ Umeko Tsuda සහ ¥1,000 නෝට්ටුවේ Shibasaburo Kitasato, bacteriologist ඇතුළත් වේ.
382 Views
Comments