මල් උයනක සිරි මැවූ ජාත්‍යන්තර වේදිකාව වටා සවාරියක් ගිහින් එමුද? (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
08

මල් උයනක සිරි මැවූ ජාත්‍යන්තර වේදිකාව වටා සවාරියක් ගිහින් එමුද? (PHOTOS)

මල් උයනක සිරි මැවූ ජාත්‍යන්තර වේදිකාව වටා සවාරියක් ගිහින් එමුද? (PHOTOS)

විලාසිතා ලෝකයේ සුවිශේෂී අවදානයක් යොමු වන ''Met Gala 2024'' වර්ණවත් රාත්‍රියෙහි රූප රාමු මේ වන විටත් ඔබේ ඇස ගැටෙන්න ඇතුවාට සැකයක් නෑ.

 

ඒ අතර වූ ඇවිදින මල් ගස්, සත්ත්ව රූප වැනි සොබාදහමට වඩාත් සමීප රූප රාමු ඔබේ රස මනස පිනවන්නට ඇති.

 

ඉතින් මේ අපේ සූදානම ''Met Gala'' ගැන සවිස්තරාත්මක සටහනක් තැබීමට.

 

එහෙනම් අපි යමු මේ අපූරු සුන්දරත්වයෙන් හැඩවුණු නැතහොත් උයන් සිරි මැවූ ජාත්‍යන්තර වේදිකාව වටා සවාරියක්.

 

 

''Met Gala 2024'' අති උත්කර්ෂවත් රාත්‍රිය පැවතියේ ඊයේ (මැයි 6) නිව් යෝර්ක් නගරයේ, මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයේදී.

 

මෙවර එහි ඇඳුම් පැළඳුම් සඳහා වන නිල තේමාව බවට පත්වෙලා තිබුණේ, "The Garden of Time" යන්න.

 

සංවිධායකවරුන් සඳහන් කර තිබුණේ සොබාදහමට උපහාර පිණිස ගොඩබිම, මුහුද සහ අහස යන ස්වභාවික වටපිටාව, මෙවර ප්‍රදර්ශනය වර්ණවත් කරනු ඇති බව.

 

 

මෙට් ගාලා රතු පලස වෙත ඇහැ ගහගෙන ඉන්න කාටත් ඊයේ හැකියාව ලැබුණා එම අත්දැකීම සජීවීව විඳගන්න.

 

ඒ අනුව දුර්ලභ විලාසිතාවන් 250ක් පමණ ඊයේ ප්‍රදර්ශනය කෙරුණා. ඊට ලොව සුපිරිතම විලාසිතා නිර්මාණ ඇතුළත්.

 

 

මෙට් ගාලා කියන්නෙම වාර්ෂිකව විලාසිතා ලෝකය අවදි කරවන සුවිශේෂී වේදිකාවක්. එහෙමත් නැත්නම් සැමරුමක්.

 

මෙට් ගාලා, නිව් යෝර්ක් නගරයේ මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය සඳහා අරමුදල් රැස්කිරීමේ අරමුණ ඇතිව ක්‍රියාත්මක වන්නක්. එය හැඳින්වෙන්නේ "විලාසිතා ලෝකයේ අද්විතීයම රාත්‍රිය" ලෙස.

 

 

වාර්තා වන හැටියට මෙට් ගාලා වෙත පිවිසෙන අමුත්තන් දුරකථන නොමැතිව ඊට ප්‍රවිෂ්ට වීමේ ප්‍රතිපත්තියට ගරු කරනු ලබනවා.

 

එය සෑම වසරකම මැයි මාසයේ පළමු සඳුදා නිව් යෝර්ක් නගරයේ මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයේදී පැවැත්වීම සම්ප්‍රදායයි.

 

නමුදු COVID-19 සීමා කිරීම් හේතුවෙන් 2021 වසරේදී මෙට් ගාලා පැවතියේ සැප්තැම්බර් මාසයේදී.

 

 

විදෙස් වාර්තාවන්ට අනුව උත්සවය සමාරම්භ වීමට පෙරාතුව එහි අමුත්තන්ගේ ලැයිස්තුව රහසිගත වූවකි.

 

නමුදු බියොන්සේ සහ ගිගි හැඩිඩ්ගේ සිට මැඩෝනා, රිහානා දක්වා ස්ථිර පුද්ගලයින් කිහිපපළක්ම වේ.

 

විලාසිතා, චිත්‍රපට, සංගීතය, රංග කලාව, ව්‍යාපාර, ක්‍රීඩා, සමාජ මාධ්‍ය සහ දේශපාලනය ඇතුළු විවිධ වෘත්තීය ක්ෂේත්‍රයන් අතර සමකාලීනව සමාජයට සංස්කෘතික වශයෙන් අදාළ යැයි සැලකෙන පුද්ගලයන්ට ඊට ආරාධනා කෙරෙන බව සඳහන්.

 

 

මෙට් ගාලා ලෝකයේ වඩාත්ම කීර්තිමත් සහ ආකර්ෂණීයම විලාසිතා ඉසව්ව ලෙස අතිශය ජනප්‍රියයි.

 

 

සාමාන්‍යයෙන් වාර්ෂික ප්‍රදර්ශනයේ තේමාවට ගැළපෙන පරිදි අමුත්තන් ඔවුන්ගේ විලාසිතා සකස් කරගැනීමයි සම්ප්‍රදාය.

 

ඒ අනුව සෑම වසරකම ඊට නිශ්චිත තේමාවක් සහිතයි.

 

තේමාවට අනුව අමුත්තන් සැරසී පැමිණේවි යන්න අපේක්ෂා කරන නමුත් එය අනුගමනය කිරීම අනිවාර්ය නොවූවක් බව සඳහන්.

 

 

උත්සවයට කොක්ටේල් පැයක් සහ රාත්‍රී භෝජන සංග්‍රහයක් ඇතුළත්.

 

කොක්ටේල් පැයට අමුත්තන් රතු පලස මත ඇවිදීම, වසරේ විශේෂ තේමා ප්‍රදර්ශනය නැරඹීම සහ දවසේ ප්‍රමුඛ පෙළේ විනෝදකාමීන්ගේ විනෝදාස්වාදයන් ඇතුළත් බවයි පැවසෙන්නේ...

 

පහතින් දැක්වෙන්නේ ''Met Gala 2024''හි රතු පලස සැරසූ ලෝ ප්‍රකට තරු විලාසිතාවන්ගෙන් කිහිපයකි...

 

 

 

 

 

 

 

views

304 Views

Comments

arrow-up