හේමාල් රණසිංහ - යුරේනි නොෂිකා යුවළගෙන් හැඩවෙන නවතම සිනමාපටය (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
09

හේමාල් රණසිංහ - යුරේනි නොෂිකා යුවළගෙන් හැඩවෙන නවතම සිනමාපටය (PHOTOS)

හේමාල් රණසිංහ - යුරේනි නොෂිකා යුවළගෙන් හැඩවෙන නවතම සිනමාපටය (PHOTOS)

හේමාල් රණසිංහ - යුරේනි නොෂිකා කියන්නෙ හැඳින්වීම් අදාළම නොවන චරිත.

 

ඒ තරමට ඔවුන් දිනාගෙන ඇති ජනප්‍රියත්වය, රසික ආදරය, ආකර්ෂණය අති මහත්.

 

ඊට නොදෙවෙනි දක්ෂතාවන් කරපින්නා ගත් හේමාල් - යුරේනි දෙපළ වර්තමානය වෙද්දි අති සාර්ථක ගමනක යෙදෙන තරු ද්විත්වයක් කිව්වොත් හරි.

 

ඉතින් මේ දෙපළටම ආදරේ කරන කාගෙත් බලාපොරොත්තුවක් හැබෑවක් වන දවස් මේ ගෙවෙන්නේ.

 

 

"Swans by the Sea"

ඒ තමයි හේමාල් රණසිංහ - යුරේනි නොෂිකා මුසුවෙන් හැඩවීමට නියමිත නවතම සිනමා සිත්තම.

මෙහි රූගත කිරීම් සිදුවෙන්නෙ ගාල්ල ප්‍රදේශයේ.

 

චිත්‍රපට අධ්‍යක්ෂණය අමල් අල්විස්. කැමරාකරණය චන්න දේශප්‍රිය.

 

 

"Swans by the Sea" හැඩකරන නළු නිළි කැළ හරි විශේෂයි.

 

ඒ අනුව හේමාල් - යුරේනි දෙපළ ඇරුණාම අශාන් ඩයස්, උමා අසේනි, ගම්‍යා විජේදාස ඇතුළු දක්ෂ සහ ජනප්‍රිය පිරිසකින් සිනමා සිත්තම හැඩවනු ඇති.

 

 

හේමාල් - යුරේනි ප්‍රමුඛ අනෙකුත් පිරිසගේ රංගන පරාසයන් ගැන වඩාත් හොඳින් දන්නා නිසාම, "Swans by the Sea" වඩාත් බලාපොරොත්තු තැබිය හැකි චිත්‍රපටක් වනු නොඅනුමානයි.

 

views

604 Views

Comments

arrow-up