කඳු නගින්නන් පිරිසකට නොසිතූ මොහොතක මුහුණදෙන්න සිදුවූ අකරතැබ්බය සමාජ මාධ්‍ය කළඹයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
08

කඳු නගින්නන් පිරිසකට නොසිතූ මොහොතක මුහුණදෙන්න සිදුවූ අකරතැබ්බය සමාජ මාධ්‍ය කළඹයි

කඳු නගින්නන් පිරිසකට නොසිතූ මොහොතක මුහුණදෙන්න සිදුවූ අකරතැබ්බය සමාජ මාධ්‍ය කළඹයි

එවරස්ට් කන්ද යනු ජනාකීර්ණත්වය අත්විඳින ලෝකයේ එකම කඳු මුදුන නොවන බව පසුගියදා ඔප්පු වී තිබෙනවා.

 

ඒ මෙම සතිය මුලදී, නැඟෙනහිර චීනයේ යන්ඩන්ග් කන්ද තරණය කරන සංචාරක කණ්ඩායම් පැයකට වැඩි කාලයක්, ස්ථාවර කඳු නැගීමේ මාර්ගයක් ඔස්සේ කඹයක එල්ලී, කඳු මුදුනක කොටසක සිරවී සිටීමෙන් අනතුරුවයි.

 

තමන්ට ඉදිරියෙන් සිටින අනෙක් අය ඉදිරියට යන තෙක් බලා සිටින කඳු නගින්නන් කන්දේ ආරක්ෂිත ලෝහ පඩි මත එලෙස පැයකට අධික කාලයක් සිටින ආකාරය චීන සමාජ මාධ්‍යවල ප්‍රචාරය වී තිබෙනවා.

 

‍යන්ඩන්ග් කන්ද ෂැජියැන්ග් පළාතේ ෂැංහයි සිට කිලෝමීටර් 410 (සැතපුම් 255) පමණ දකුණට වන්නට පිහිටා ඇති අතර එහි උස මීටර් 1,150 (අඩි 3,773) ක්.

 

මැයි පළමු සතිය තුළ චීනයේ කම්කරු දින නිවාඩුව යෙදී තිබූ නිසා එම ප්‍රදේශයට විශාල සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ තිබෙනවා.

 

චීනයේ නිවාඩු ගත කරන්නන් සඳහා ජනප්‍රිය ප්‍රදේශයක්වන යන්ඩං කන්ද 2001 දී යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස නම් කිරීම සඳහා ඉදිරිපත් කර ඇති ස්ථානයක් .

 

කෙසේ වෙතත් ඉදිරියේදී ජනාකීර්ණත්වය මත මෙවැනි ගැටලු ඇති නොවීමට වගබලාගන්නා බවයි යන්ඩන්ග් කන්ද කලමනාකරණ සමාගම පවසා ඇත්තේ

views

88 Views

Comments

arrow-up