ලොව ප්‍රකට යූටියුබ් තරුවක් වන මිස්ටර් බීස්ට් තම 26 වැනි උපන්දිනය වෙනුවෙන් අනිත් අයට දෙන්න යන ඇස් අදහාගන්න බැරි තෑග්ග (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
08

ලොව ප්‍රකට යූටියුබ් තරුවක් වන මිස්ටර් බීස්ට් තම 26 වැනි උපන්දිනය වෙනුවෙන් අනිත් අයට දෙන්න යන ඇස් අදහාගන්න බැරි තෑග්ග (PHOTOS)

ලොව ප්‍රකට යූටියුබ් තරුවක් වන මිස්ටර් බීස්ට් තම 26 වැනි උපන්දිනය වෙනුවෙන් අනිත් අයට දෙන්න යන ඇස් අදහාගන්න බැරි තෑග්ග  (PHOTOS)

උපන්දිනයට කල් තියාම අපි කාටත් මතක් වෙන්නෙ තෑගි !

 

හැබැයි ඒ ''දෙන්න'' නෙවෙයි ''ගන්න''

 

අපි හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා අපේ උපන්දිනය දවසට පුංචිම හරි තෑග්ගක් ලැබෙනකල්.

 

ඔන්න එහෙම අපි බලාගෙන උන්නට, තමන්ගේ උපන්දිනය දා අනිත් අයට තෑගි දෙන අයත් නැතුවාම නෙවෙයි.

 

මේ කියන්න යන්නෙත් එහෙම කතාවක්. හැබැයි මේ තෑගි පොඩි ඒවා නෙවෙයි !!

 

මිස්ටර් බීස්ට් (MrBeast) එහෙමත් නැත්නම් ජිමී ඩොනල්ඩ්සන් කියන්නෙ ලෝකයක් හඳුනන අතිශය ජනප්‍රිය යූටියුබ් තරුවක්. සමාජ මාධ්‍යයේ නිතර ගැවසෙන ඔබට ඔහු ආගන්තුක නැතුව ඇති.

 

1998 වසරේ උපන් ඔහුට ඊයේ දවස හරි විශේෂයි. මොකද ඊයේ, ඒ කියන්නෙ මැයි 7 මිස්ටර් බීස්ට්ගේ උපන්දිනය. 26 වන උපන්දිනය.

 

ඉතින් ඔහු සිය උපන්දිනය සමරන්න තෝරගෙන තියෙන විදිය තමයි මේ වෙද්දි පුවත් මවන්න සමත්වෙලා තියෙන්නෙ.

 

26 වැනි උපන්දිනයට ඔහු තීරණය කරලා තියෙනවා නවීන මෝටර් රථ 26ක් සිය අනුගාමිකයින්ට තෑගි කරන්න !!

 

මොකාක් !!

 

 

ඇස් උඩ ගියා නේද ??? ඔව් ඔව්... නිකන් මෝටර් රථ නෙවෙයි ඔහුගේ සූදානම ''ටෙස්ලා'' 26ක් තෑගි කරන්න.

 

තෑග්ග දෙන්නෙ නිකන්ම නම් නෙවෙයි.

 

තරගට ඇතුළු වෙන්න ඔබට සිද්දවෙනවා මිස්ටර් බීස්ට්ගේ පෝස්ටුවට මිතුරන් දෙදෙනෙක් ටැග් කර පෝස්ට් එකට ලයික් සහ කමෙන්ට් කිරීමට. ඒ වගේම ඔහුව ෆලෝව් කිරීමත් පෝස්ට් එක ස්ටෝරි ලෙස දමා මිතුරන්ව දැනුවත් කිරීමත් කළ යුතුයි.

 

තවත් නියමයන් සහ කොන්දේසි මීට ඇතුළත්.

 

 

තරගයට ඇතුල්වීමට හෝ ජයග්‍රහණය කිරීමට කිසිදු ආකාරයක මිලදී ගැනීමක් හෝ ගෙවීමක් අවශ්‍ය නොවන බව තරයේම අවධාරණය කරලා තියෙනවා.

 

තරගය විවෘත වෙන්නෙ එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, චිලී, ප්‍රංශය, ජර්මනිය, ඉන්දියාව, ජපානය, මෙක්සිකෝව, දකුණු කොරියාව සහ එක්සත් රාජධානිය යන රටවල පදිංචිකරුවන්ට.

 

තරගයට ඇතුළත් වීමට වයස අවුරුදු 18ක් හෝ ඊට වැඩි වෙන්නත් ඕනි.

 

ඒ වගේම කැනේඩියානුවන් සහ මෙක්සිකානුවන් ඔවුන්ගේ ත්‍යාගය සඳහා කුසලතා පරීක්ෂණ ප්‍රශ්නයකට පිළිතුරු දීමටත් අවශ්‍ය වනු ඇති බව සඳහන්.

 

තරගයට ඇතුළත් වීමේ කාලය මැයි 7 සිට මැයි 10 වැනිදා දක්වා පවතිනවා.

 

ඔන්න ඊට පස්සෙ දවස් හතකින් මිස්ටර් බීස්ට් විසින් ටෙස්ලා දිනූවන් කවුරුන්ද යන වග නිවේදනය කරනු ඇති.

 

මේ ගැන ඔහු සිය සෑම සමාජ මාධ්‍ය වේදිකාවකම තොරතුරු දක්වලා තියෙනවා, වැඩි විස්තර සඳහා වූ සබැඳියක් ද ඇතුළත් කරමින්.

 

 

මේ ආරංචිය අරන් ආව මිස්ටර් බීස්ට් පළකළ ඡායාරූපයක Tesla Model 3s 25ක් ද Cybertruck එකක්ද ඇතුළත්.

 

 

මිස්ටර් බීස්ට් කොහොමත් ප්‍රසිද්ධ මිල අධික ප්‍රයෝග එක්ක. ඒ නිසාම ඔහුගේ මේ උපන්දින තෑග්ග ලොකු අරුමයකුත් නම් නෙවෙයි.

 

views

432 Views

Comments

arrow-up