ලෝකයම රවටපු ඒ විලාසිතාවලට ඔයත් අහුවුණාද?? - විලාසිතා ප්‍රදර්ශනයේ ඇත්ත කතාව එළියට (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
09

ලෝකයම රවටපු ඒ විලාසිතාවලට ඔයත් අහුවුණාද?? - විලාසිතා ප්‍රදර්ශනයේ ඇත්ත කතාව එළියට (PHOTOS)

ලෝකයම රවටපු ඒ විලාසිතාවලට ඔයත් අහුවුණාද?? - විලාසිතා ප්‍රදර්ශනයේ ඇත්ත කතාව එළියට (PHOTOS)

තාක්ෂණයට මොනවද කරන්න බැරි.

 

තාක්ෂණයට පුළුවන් රැවටුණා කියලවත් නොදන්නා විදියට අපිව රවටන්න.

 

එහෙම රවටන ඇතැම් තාක්ෂණික ප්‍රයෝග හරිම නිර්මාණශීලියි. මේ කතාවත් නිර්මාණශීලී රැවටීමක් ගැන.

 

ලෝකයේම අවදානය දිනූ ''Met Gala 2024'' ගැන ඊයේ අපි ඔබට කිව්වා. ලොව දැවැන්තම විලාසිතා දැක්මක් හැටියට ගැනෙන මෙය වඩාත් කතාබහට ලක්වන සුවිශේෂී වැඩක්.

 

මෙවර එහි ඇඳුම් පැළඳුම් සඳහා වන නිල තේමාව බවට පත්වෙලා තිබුණේ, "The Garden of Time" යන්න.

 

ඉතින් ලෝක ප්‍රකට බොහෝ තරු 'Met Gala 2024' සරසන්න ඇවිත් තිබුණෙ හරියට ඇවිදින මල් ගස් වගේ.

 

ඒ අතර වඩාත් කතාබහට ලක්වුණු ඡායාරූප කිහිපයක් ගැනයි මේ සටහන.

 

බලන්නකො මේ ඡායාරූපය

 

 

Katy Perryගේ මෙම ඡායාරූපය ඊයේ දවස තුළ වඩාත් කතාබහට ලක්වුණු ඡායාරූපයක්.

 

''Met Gala 2024'' සරසන්න ඈ ඇවිත් උන්නු හැටි කියලා සමාජ මාධ්‍යයේ හුවමාරු වුණු ඡායාරූපය තමයි ඔය විදියට කාගෙත් අවදානය දිනාගත්තෙ.

 

හැබැයි එය ''Met Gala 2024'' ඡායාරූප එකතූන් සහිත කිසිම ජාත්‍යන්තර මාධ්‍යයක නම් දකින්න ලැබුණේ නෑ.

 

ඒ කොහොම නමුත් බොහෝදෙනා විශ්වාස කළා Katy Perryගේ හැබෑම සුන්දරත්වය තමයි මේ කියලා.

 

අපි නම් කමක් නෑ කියමුකො.. ඇගේ මවත් එය තරයේම විශ්වාස කරලා තිබුණා.

 

නමුත් ඇත්තම කතාව නම් මේක AI තාක්ෂණයෙන් කළ නිර්මාණයක් !!

 

හිතාගන්න අමාරුයි නේද.

 

"MET වෙත යාමට නොහැකි විය, වැඩ කිරීමට සිදු විය" යන සඳහනත් එක්ක Katy සිය සමාජ මාධ්‍ය ඔස්සේ ඇත්තම කතාව බෙදාගෙන තිබුණේ අදාළ ඡායාරූපත් එක්කමයි.

 

 

එතකොට මේ තවත් එකක්.

 

 

මේ තාක්ෂණික උගුලට අහුවුණේ Katy විතරක් නෙවෙයි.

 

රිහානාගේ ද රූපයක් සමාජ මාධ්‍යවල මිලියන ගණනක් නැරඹුම් වාර හිමිකරගෙන. නමුත් ඇයටද මෙවර මෙට් ගාලා මඟහැරී තිබුණා.

 

 

ඉතින් හැමෝම ''ෂහ් වාව්..'' කිව්ව මේ ඡායාරූප AI තාක්ෂණයෙන් කළ නිර්මාණ....

 

views

185 Views

Comments

arrow-up