මානසික සෞඛ්‍ය වඩා වැදගත් බව කියා කිරුළ අත්හැරි අමෙරිකානු රූ රැජින
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
08

මානසික සෞඛ්‍ය වඩා වැදගත් බව කියා කිරුළ අත්හැරි අමෙරිකානු රූ රැජින

මානසික සෞඛ්‍ය වඩා වැදගත් බව කියා කිරුළ අත්හැරි අමෙරිකානු රූ රැජින

අමෙරිකා එක්සත් ජනපදයේ පාලක රූ රැජින වන නොයෙලියා වොයිග්ට් සිය කිරුළෙන් ඉල්ලා අස්වෙලා.

 

තමන් එම තීරණය ගත්තේ මානසික සෞඛ්‍ය හේතූන් නිසා කියලයි ඇය කියන්නේ.

 

පසුගිය සැප්තැම්බර් මාසයේ පැවැත්වුණු Miss USA වාර්ෂික තරඟය ජයග්‍රහණය කරපු නොයෙලියා වොයිග්ට් කියන්නේ තමන්ගේ සියලු තීරණ තම මානසික සෞඛ්‍යයට වඩාත් සුදුසු විය යුතුයි කියලා තමන් ගොඩක්ම විශ්වාස කරනවා කියලා.

 

තම සෞඛ්‍යය තම ධනය වන නිසාම තම ශාරීරික හා මානසික යහපැවැත්ම කිසිවිටෙකත් අන් කිසිවකට පාවා දෙන්න එපා කියලත් මේ අමෙරිකානු රූ රැජින අවධාරණය කරනවා.

 

මේ අතර ඇයගේ තීරණයට සහය දක්වමින් අනුප්‍රාප්තිකයෙකු ප්‍රකාශයට පත් කරන බවයි Miss USA සංවිධානය කියන්නේ.

 

වෙනිසියුලානු-ඇමරිකානු සමභවයක් සහිත 24 හැවිරිදි නොයෙලියා වොයිග්ට් අමෙරිකාවේ Utah හි පදිංචිකාරිනියක්.

 

ඇය තමන්ගේ ජීවිතයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් "අන් අයව දිරිගැන්වීමට" බලාපොරොත්තු වන බවයි මේ අලුත් තීරණයත් එක්ක කියලා තියෙන්නේ.

 

ඒ වගේම තමන්ගේ මානසික සෞඛ්‍යයට ප්‍රමුඛත්වය දෙන ලෙසත් අවිනිශ්චිත බවක් දැනුණත් අනාගතය ගැන කිසි විටෙකත් බිය නොවන ලෙසත් නොයෙලියා තමන්ගේ අනුගාමිකයන්ගෙන් ඉල්ලනවා.

 

Miss USA ලෙස ගත කරපු පහුගිය මාස නවයක කාලය වෙනුවෙන් ඇයගේ කෘතඥතාව පළ කරන ගමන්ම ඒ කාලය ඇයට ජීවිතයේ සිහිනයක් සැබෑ කර ගනිමින් ලෝකය පුරා සිටින මිනිසුන් හමුවීමට වේදිකාවක් සකස් කර දුන්නා කියලා තමයි නොයෙලියා වොයිග්ට් වැඩිදුරටත් සඳහන් කරලා තියෙන්නේ.

views

67 Views

Comments

arrow-up